ඒ නිසා තමයි බොහෝ දෙනා Windows භාවිතා කරන්න පෙලඹිලා තියෙන්නෙ.ඉතින් මං අද ඔයාලට කියන්නෙ Windows පරිගණකයක තියෙන්නම ඕන ඒත් වැඩිය ප්‍රසිද්ධ නැති Softwares ( මෘදුකාංග ) කිහිපයක් ගැන.
1. Audacity
Audacity කියන්නෙ ඕනම කෙනෙක්ට පහසුවෙන්ම තේරුම් අරන් වැඩ කරන්න පුලුවන් Audio Editing Software එකක්. මේක අලුත් කෙනෙක්ට උනත් ලේසියෙන්ම භාවිතා කරන්න පුලුවන්. මේක පොඩි සොෆ්ට්වෙයා එකක් උනාට මේකෙන් ඔයාට ගොඩක් දේවල් කරගන්න පුලුවන්. සිංදුවකින් කටහඩ වෙන් කරන්න වගේ සියුම් දේවල් උනත් පහසුවෙන් කරගන්න මේ Software එක යොදාගන්න පුලුවන්.
2. Media Player Classic
Media Player Classic කියන්නෙ ගොඩාක්ම Light සොෆ්ට්වෙයා එකක්. මේකෙන් අපිට ඕනම Format එකක Video එකක් පහසුවෙන්ම Play කරන්න පුලුවන් වගේම Full HD Videos උනත් හිරවෙන්නෙ නැතුව Play කරන්න පුලුවන්.VLC, KM Player වැනි Players වලින් Play වෙනකොට Lags ඇතිවෙන Videos මේ Media Player එක හරහා කිසිම Lag එකකින් තොරව කරන්න පුලුවන්.
3. Recuva
Recuva කියන්නෙ Free දෙන ඒත් ගොඩක් Powerful File Recover Programme එකක්. ඒ කියන්නෙ ඔයාගේ අතින් වැරදීමකින් සදහටම Delete උන ඕනම File එකක් ආපහු Restore කරගන්න පුලුවන්. ඒක නිසා Recycle Bin එකෙන් Delete උනත් බය වෙන්න ඕන නෑ.
4. 3DP Chip
3DP Chip කියන්නෙ ඔයාගේ Computer එකට ඕන Drivers හොයාගන්න උදව් වෙන Sofware එකක්. මේක තියෙනවා නම් ඔයාට Drivers හොය හොයා කරදර විදින්න ඕන නෑ. ඒ වගේම Drivers Update කරන්නත් මේ 3DP Chip එකෙන් පුලුවන්.
5. 7 Zip
7 Zip කියන්නෙ WinRAR වගේ, ඒත් WinRAR වල නොමැති පහසුකම් සහිත Zip File Manager වැඩසටහනක්. මේක .zipx වැනි විවිධ Compressed File Type වලට සහයෝගය දක්වන Programme එකක් නිසා බොහෝ දෙනා මේක භාවිතා කරනවා.
Download 7 Zip for Free 64 bit
6. C Cleaner
පරිගණකයක් දිගින් දිගටම භාවිතා කිරීමේදී ඒ තුල එක් රැස් වෙන අනවශය Files, Folders නිසා පරිගණකයේ වේගය අඩු වෙනවා. C Cleaner කියන්නෙ ඒ වගේ Files,Folders මකා දමා පරිගණකයේ වේගය නැවතත් වැඩි කරන Sofware එකක්.
7. AdBlock Plus
අපි අන්තර්ජාලයේ ගැවසෙනකොට අපිට බොහෝ කරදරකාරී Pop-Ups වැනි Adds මතු වෙනවා නේද? ඒ නිසා අපේ Page එක Load වෙන වේගය අඩුවෙනවා විතරක් නෙවෙයි, අපේ Data වගේම කාලයත් නාස්ති වෙනවා. ඉතින් මේ AdBlock Plus වගේ මෘදුකාංගයක් යොදාගැනීමෙන් අපිට පුලුවන් මේ කරදරකාරී ඇඩ් වලින් බේරෙන්න
8. Software Updater
මේ කුඩා Software එක යොදාගෙන ඔයාට පුලුවන් ඔයාගේ Computer එකේ තියෙන අනිත් Softwares වල Updates තියෙනවද කියලා Check කරගන්න. එහෙම Updates තියෙනවා නම් ඒව Update කරන්නත් මේ මෘදුකාංගය හරහා පුලුවන් වෙනවා.
9. LastPass
LastPass කියන්නෙ භාවිතයට ඉතාමත් පහසු සහ හොද ආරක්ශාවක් තියෙන Password Manager Sofware එකක්. මේකෙන් පුලුවන් ඔයාගේ විවිධ Accounts වල Usernames/E mails සහ Passwords ගබඩා කරලා තියන්න.
10. Blue Stacks
Blue Stacks කියන්නෙ ඕනම ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් Windows පරිගණකයක් තුල Run කරන්න පුලුවන් Software එකක්.










































